
සක්වළ තතු බුදු නෙතින් දැක පෙන්වා දෙයි. සැබැවින් ම නවීන ලෝකය සොයාගෙන තිබෙන්නේ බුදු නෙතින් දුටු දෙයින් ඉතා අල්පයක් පමණි.
අද දින ලෝක බලවතා ලෙස පෙනී සිටින ඇමෙරිකාවට අයත් ‘බර්මියුඩා’ නම් මුහුදු සීමාව ඔවුන්ගේ ම දියුණු යැයි කියාගන්නා විද්‍යාව බාල්දුවට ලක් කරමින් සිටී. උක්ත මුහුදු සීමාව පසුකර යන ගුවන් යානා හෝ නාවික යාත්‍රා බොහෝමයක් යළි ආවේ නැත.
ලෝකයේ බොහෝ විද්‍යාඥයන් බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳව විවිධ පර්යේෂණ කළ ද එ් සියල්ල නිමා වූයේ ප්රතිඵලයන් වෙනුවට යම් යම් මත පමණක් සමාජයට ඉතිරි කරමින් ය.
මෙම ප්‍රදේශය හරහා යන යාත්‍රා අභ්‍යවකාශ ජීවීන් විසින් පැහැරගන්නා බව බොහෝ දෙනා අදහස් කළ අතර, ඇතැමෙක් කීවේ මුහුදු පතුලේ සිදුවන ‘මීතේන්’ වායු ක්‍රියාවකින් යාත්‍රා විනාශ වන බවකි. එහෙත් අදට ද ඇතැමෙක් ‘මෙය ඇමරිකානුවන් සිතා මතා කරන ක්‍රියාවක්’ ලෙස පෙන්වා සිටී. එහෙත්, මීට දෙදහස් පන්සිය වසරකට පෙර අප සම්බුදු සමිඳුන් තිලෝගුරු ඥනයෙන් දැක කළ පැහැදිලි කිරීමකින් හෙළි වූයේ බර්මියුඩාවේ අබිරහස දැයි අපට සිතේ.
‘තෙවලා බුදු බණ’ අතරට අයත් වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 456 වන ජාතකය වූ සූප්පාර ජාතකයේ දී ‘වළබා මුඛ / වඩබා මුඛ’ ලෙස එක්තරා ප්‍රදේශයක් පෙන්වා දී තිබේ. එම ප්‍රදේශයේ වේලි බිඳගෙන එන දියපහර සේ සිව්දිගින් මහා දිය රළ පැමිණෙන බවත්, කන් බිහිරි කරවන, ළය පැළී යන තරම් බියජනක ශබ්ද ඇති බවත්, එක් පසෙක මහා රළක් නැගෙද්දී අනෙක් පස තෙරක් නො පෙනෙන දිය සිඳුණු ප්‍රපාත ඇති වන බවත් පවසා තිබේ.
ජාතක අටුවාවෙහි එක් ගාථාවක ‘‘සූඤ්ඤභමානුසෝ” ලෙස ‘මිනිසුන් පිළිබඳ නො වූ මුහුද’ ලෙස වඩබා මුඛය හඳුන්වමින්, එහි අමනුෂ්‍ය හඬ පැතිර යන බව ද පවසයි.
No comments:
Post a Comment